Skip links

Blog

ජර්මානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නියෝජිත පිරිස කථානායකගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි

මෙරට පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූ ගරු රෙනාටේ කුනාස්ට්(Renate Künast) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් දකුණු ආසියාවසඳහා වූ ජර්මානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නියෝජිත පිරිසකථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තුමන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා – ජර්මන්පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නියෝජිතයින් හමුවූහ. එහිදී ශ්‍රීලංකාව සහ ජර්මනිය අතර සබඳතා තව දුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ජර්මානු කාර්මික විද්‍යාලය හරහා ජර්මනිය ශ්‍රී ලංකාවට ලබාදුන්සහයෝගිතාව සිහිපත් කළ කථානායකවරයා ජර්මානු කාර්මිකවිද්‍යාලයේ පුහුණු වන තරුණ තරුණියන්ට විදේශයන්හි ඉහළඉල්ලුමක් පවතින බවද පැවසීය. මෙවැනි තාක්ෂණික කටයුතුවලදීජර්මනියේ සහය තවදුරටත් අපේක්ෂා කරන බව ද කථානායකවරයාසඳහන් කළේය. එමෙන්ම ඉදිරි මැතිවරණ කටයුතු, ජාත්‍යන්තර මූල්‍යඅරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සහ මෙරට සංවර්ධනක්‍රියාමාර්ග පිළිබඳව ද ජර්මන් නියෝජිත පිරිස විමසා සිටි අතරකථානායකවරයා විසින් ඒ පිළිබඳවද කරුණු දක්වන ලදී.  ජර්මානු නියෝජිත පිරිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේමහත්මිය ඇතුළු එම සංසදයේ සාමාජිකාවන් සමග මෙන්ම ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරකසභාවේ සභාපති ගරු තලතා අතුකෝරළ මහත්මිය ද හමුවීසාකච්ඡා කළහ. මෙහිදී කාන්තාවන් සහ ළමුන් සවිබල ගැන්වීම සහඔවුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ අපයෝජන වැළැක්වීම සඳහාගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව ජර්මානු නියෝජිත පිරිස මෙහිදීදැනුවත් කරන ලදී. දරුවන්ගේ මුල් ළමාවියේ අධ්‍යාපනය, රැකියාකරන මව්වරුන්ගේ දරුවන්ගේ රැකවරණය වැනි කාරනාසම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳවද ජර්මානුනියෝජිත පිරිස දැනුවත් කරන ලදී.  මෙහිදී ශ්‍රී ලංකා – ජර්මන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සහ ජර්මන්නියෝජිත පිරිස අතර හමුවක්ද පැවැත්වුණි. ශ්‍රී ලංකා ජර්මානුපාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු(මහාචාර්ය) චරිත හේරත් සහ ජර්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගරුරෙනාටේ කුනාස්ට් යන මහත්ම මහත්මීහු මෙම හමුවේදී මුලසුනහෙබවූහ. මෙහිදී එම මිත්‍රත්ව සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රීගරු (ආචාර්ය ) හර්ෂ ද සිල්වා, මිත්‍රත්ව සංගමයේ උප සභාපතිවරුන්වන ගරු නිරෝෂන් පෙරේරා සහ ගරු (ආචාර්ය) හරිණි අමරසූරිය, භාණ්ඩාගාරික ගරු උදයන කිරිඳිගොඩ, මිත්‍රත්ව සංගමයේසාමාජිකයින් වන රාජ්‍ය අමාත්‍ය ගරු අරවින්ද කුමාර්, පාර්ලිමේන්තුමන්ත්‍රීවරුන් වන ගරු ඒ.එච්.එම්.ෆවුසි, ගරු ඉරාන් වික්‍රමරත්න, ගරුබී.වයි.ජී. රත්නසේකර සහ ගරු මධුර විතානගේ යන මහත්මමහත්මීහු ද සහභාගි වූහ.  ශ්‍රී ලංකා ජර්මන් මිත්‍රත්ව සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමටසහ අන්‍යෝන්‍ය වශයෙන් දෙරටට වැදගත් කරුණු සාකච්ජා කිරීමටමෙම හමුව ඉතා වැදගත් වන බව ගරු චරිත හේරත් මහතා සඳහන්කළේය.   ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සම්බන්ධ වෙමින් ක්‍රියාත්මකවැඩසටහනේ ප්‍රගතිය, ඉදිරි මැතිවරණ සහ ආර්ථික වශයෙන්මුහුණදෙන අභියෝග පිළිබඳව ජර්මන් නියෝජිත පිරිස මෙහිදී විමසාසිටියහ. ඒ අනුව එම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුමන්ත්‍රීවරු සිය ස්ථාවරය ඉදිරිපත් කළහ. මෙරට ආයෝජන අවස්ථා

වරාය නගරය, ඩියුටි ෆ්‍රී සාප්පු කඩිනම් කිරීමට උපදෙස්.

වරාය නගරය තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකට අදාළව නීති සෑදීම සම්බන්ධයෙන්  නීතිපතිවරයාගේ මතය සහ වරාය නගරය කොමිෂන් සභාවේ මතය සම්බන්ධ එක් තීරණයකට පැමිණෙන්න

එස්. ජී. වෙබ් අඩවිය දොරට වඩී.

සිවිල් ක්‍රියාධර, සාහිත්‍යවේදී, නීතිඥ එස්.ජී. පුංචිහේවා සූරීන්ගේ දිවි සැරිය වසර 91 ක් පසු කිරීම නිමිත්තෙන්, එස්.ජී.පුංචිහේවා වෙබ් අඩවිය ජනගත කිරීම
This website uses cookies to improve your web experience.