Skip links

එස්. ජී. වෙබ් අඩවිය දොරට වඩී.

සිවිල් ක්‍රියාධර, සාහිත්‍යවේදී, නීතිඥ එස්.ජී. පුංචිහේවා සූරීන්ගේ දිවි සැරිය වසර 91 ක් පසු කිරීම නිමිත්තෙන්, එස්.ජී.පුංචිහේවා වෙබ් අඩවිය ජනගත කිරීම 2024 මාර්තු මස 12 වැනි අඟහරුවාදා උදෑසන 10.00 ට පන්නිපිටියේ පිහිටි එස්.ජී. පුංචිහේවා මහතාගේ නිවසේදී පැවැත්වීය.

එස්.ජී. පුංචිහේවා මහතා අඩසිය වසකට වැඩි කාලයක් පුරා ඇත්ත පුවත්පත ප්‍රමුඛව බොහෝ පුවත්පත්, සඟරා වෙත සැපයූ ලිපි, ලේඛන සහ එතුමන් ලියා පළ කළ සියලුම කෘති සංරක්ෂණය කිරීම සහ එතුමන්ගේ සමාජමය හා ලේඛනමය මෙහෙවර ඉදිරි සමාජයට දායාද කිරීම මෙම වෙබ් අඩවියේ අරමුණයි.

එම වෙබ් අඩවිය එළිදැක්වූ අවස්ථාවේදී ප්‍රවීණ සාහිත්‍යවේදී අනුරසිරි හෙට්ටිගේ. සිවිල් ක්‍රියාධර අහිංසක පෙරේරා
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර කතා පැවැත්වූ අතර ඕනෑම කෙනෙකුට http://sgpunchihewa.lk/ වෙබ් අඩවියට ගොස් අදාල තොරතුරු ලබා ගත හැක.

Leave a comment

This website uses cookies to improve your web experience.